“සසුනෝදය” වැඩසටහන යටතේ ඌව පළාතේ විහාරස්ථාන සංවර්ධනය කිරීමේ අරමුණින් ක්රියාත්මක ප්රතිපාදන ලබාදීමේ වැඩසටහනෙහි මොණරාගල දිස්ත්රික්කයේ වැඩසටහන ඊයේ (28) බුත්තල සංස්කෘතික මධ්යස්ථානයේදී පැවැත්විණි.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ ආගමික ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් ඌව පළාත් සභාව මගින් ක්රියාත්මක කරනු ලබන “සසුනෝදය” වැඩසටහන සඳහා රුපියල් මිලියන 100ක මූල්ය ප්රතිපාදන වෙන් කර තිබේ.
එහි මොණරාගල දිස්ත්රික් අදියර යටතේ දිස්ත්රික්කයේ තෝරාගත් විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන 83ක් සඳහා රුපියල් මිලියන 45ක මූල්ය ප්රතිපාදන ලබාදීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට අතිපූජ්ය මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික පූජක ප්රසාදීන් වහන්සේලා, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන නියෝජ්ය අමාත්ය ආර්. එම්. ජයවර්ධන මහතා, මොණරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, පළාත් පාලන ආයතන ප්රධානීන්, රාජ්ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.




