ගංවතුරින් හාන්වූ අැහැලියගොඩට උෟව පළාතෙන් සවියක්
2017 මැයි මාසයේ අැතිවූ වර්ෂාවත් සමග ගංවතුරෙන් හානිවු ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සහන සැලසීම සදහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ලබාදුන් උපදෙස් පරිදි ඌව පළාත් සභාව සතියක් පුරා ඇහැලියගොඩ සංවර්ධන ව්‍යපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට2017 07 11 දින වැඩ ආරම්භ කළාය.
ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ මෙහෙයවීමෙන් ඇහැලියගොඩ නගරයේ ප්‍රධාන මාර්ගය දෙපස කාණු පද්ධති පවිත්‍රකර සැකසීම, ඇහැලියගොඩ ප්‍රාථමික විදුහලේ දී ඌව දීප 5 වසර ශිෂ්‍යත්ව පෙරහුරු සම්මන්ත්‍රණ පැවැත්වීම, පොලීසිය සංවර්ධනය කිරිම,සෞඛ්‍ය සායන පැවැත්වීම, ධර්මපාල විදුහල ප්‍රතිසංස්කරණය කිරීම, කිරිපෝරුව මාර්ගය සංවර්ධනය, සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරනය, මෝරගල ආදාගලකන්ද පාර පස් ඉවත් කිරීම හා බෝක්කුවේ පස් ඉවත් කිරිම, මාහර ස්වර්ණජයන්ති විදුහලේ වහලය සැකසීම, නගරයේ කසළ බැහැරකරණ භුමිය කළමණාකරනය, යන සංවර්ධන ක්‍රියාවන් සිදුකරණු ලැබීය.
ඌව පළාත් ප්‍රධාන ලේකම් අැතුළු සියලුම ආයතන ප්‍රධානීන් හා නිළධාරින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන ලදී.