බඩල්කුඹුර ප්‍රාදේශීය සභා හිගුරුකඩුව උප කාර්යාලය හා සතිපොළ විවෘත කිරීම

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත මිලියන 50 ක මුදලක් වැයකර ඉදිකල බඩල්කුඹුර ප්‍රාදේශීය සභා හිගුරුකඩුව උප කාර්යාලය හා සතිපොළ විවෘත කිරීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් 2017.06.26 වන දින සිදුවිය.

මෙම අවස්ථාවට තිරසාර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිණී සුමේධා ජී ජයසේන, පළාත් අමාත්‍ය කුමාරසිරි රත්නායක, පළාත් මන්ත්‍රී සම්පත් ජයසූරිය, ආර්.එම්. විජේදාස ඇතුළු පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *