දකුණු කොරියාවෙන් ඌව පළාතට බීජ අර්තාපල් නිෂ්පාදන ඒකකයක්

දකුණු කොරියාවේ සේමාවුල් පදනම යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන 7 වන සංවර්ධන ව්‍යපෘතිය ලෙස බීජ අර්තාපල් නිෂ්පාදන වැඩ සටහනක් වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආරම්භ කර තිබේ.

වසරකදි අර්තාපල් මෙක්ට්‍රික් ටොන් 4.5ක් බැගින් වසර පහක කාලයත් සේමාවුල් පදනම මගින් වැලිමඩදි බීජ අර්තාපල් නිෂ්පාදනය කර දිවයින පුරා ගොවි බිම් වලට බෙදාහැරීමට සැළසුම් කර තිබේ.

දකුණු කොරියාවේ ග්යෝන් සන් බුක් දෝ පළාතේ චෝන්දෝ දිස්ත්‍රික්කයේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරතුමන් හා දුත පිරිස සහ සේමාවුල් පදනමේ නියෝජිතයින් පිරිස ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයට පැමිණ ඌව ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහතා සමග පා ගමනින් පළාත් සභාවට පැමිණි උත්සව අවස්ථාවකට සහභාගිවිය.

ඌව පළාත් වැඩබලන කෘෂිකර්ම ලේකම් උපාලි ජයසේකර මහතා ඇතුළු නිළධාරින් සංවිධානය කර තිබු පිළිගැනීමේ උත්සවයේදි දෙරට අතර ආණ්ඩුකාරවරුන් හා නිළධාරින් තෑගි බෝග හා සමරු තිළිණ පිළිගන්වමින් වසර 45ක කාලයක් තිස්සේ දෙරට අතර තිබු සුහදතාවය වර්ධනය කරගත් අතර සේමාවුල් පදනම මගින් වැලිමඩ පාසල් දරුවන්ට පාසල් උපකරණ ඇතුළු තෑගි පිරිනැමිමක්ද සිදුකළාය.

මෙම අවස්ථාවට ඌව පළාතේ ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල මහතා, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඇතුළු පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානින් සහභාගිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *