කෘෂි තාක්ෂණික ප්‍රදර්ශණය

ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බණ්ඩාරවෙළ බිදුණුවැව සංස්කරණ අභ්‍යාස ආයතනයේයේදි කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනයක් පැවැතිවීය.
විධිමත් පුහුණු තුළින් කෘෂිකාර්මික සංවර්ධනය යන දැක්ම යටතේ ඌව පළාතට උචිත තාක්ෂණික පුහුණුව ලබාදීම තුළින් ගොවි ජනතාවගේ කෘෂිකාර්මික දැනුම,කුසලතා හා ආකල්ප වැඩි දියුණු කර ඔවුන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩිදියුණු කිරීම තුළින් ජීවන තත්වය නගා සිටුවා කෘෂිකර්මය සංවර්ධනයට දායක වීම යන මෙහෙවර ක්‍රියාත්මක කිරීම සදහා කෘෂි තාක්ෂණ ප්‍රදර්ශනය පැවැත්විය.
මෙම ප්‍රදර්ශන භුමියේ පළතුරු වගාව,මල් වගාව,එළවළු වගාව,පැළ තවාන්,පඨක රෝපනය,කාබනික නිෂ්පාදනය,ආරක්ෂිත භෝග වගාව,ගව පාලනය,ගෙවතු වගාව,පටක රොපණ හා බිම්මල් නිෂ්පාදන රසායනාගාරය,බිං අර්තාපල් නිෂ්පාදන අංශය,කුකුල් පාලනය,පාංශු රසායනය යන අංශ පිළිබදව දැනුම ආකල්ප ලබාදීම සදහා ප්‍රදර්ශන හා වැඩ සටහන් රැසක් පැවැත්විය.
කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය ඌව ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය,ඌව ප්‍රධාන ලේකම් පී.බී විජයරත්න මහතා ඇතුලු නිළධාරීන් සහභාගි විය,
ඌව පළාත් කෘෂිකර්ම ලේකම් ගාමිණි මහින්දපාල ජොපියස් මහතාගේ උපදෙස් මත පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා එස්.පී,ඒ.එම් ගුණවර්ධන මහත්මිය ඇතුලු නිළධාරීන් කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *