ඌව පළාත් සභාවේ නිලධාරින් 2023 වසරේ රාජකාරි අරඹයි

ඌව පළාත් සභාවේ නිළධාරීන් සියලුම දෙනා නව වසරේ රාජකාරියට පැමිණි අද 02 දිනයේ ප්‍රථමයෙන්ම ආගමික වතාවත් වලට සහභාගි වී පසුව ජතික ගීය හා ඌව ගීතය ගායනා කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවා රාජකාරි ආරම්භ කිරීම සිදුවිය.

ඌව ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සහ ප්‍රධාන ලේකම් පී.බී විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ පළමු දින වැඩ ආරම්භ කිරීමේ උත්සවය පැවැත්විය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් ඇතුලු සියලුම නිළධාරීන් සහභාගි විය.

පළාත් සභාවේ හිස්ව තිබුන නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පිරිස් පුහුණු තනතුර සදහා ඩබිලිව්.එම්.ආර් රංජිත් මහතා පත්කර පත්වීම් ලිපිය ආණ්ඩුකාරතුමන් අතින් ලබාදුන් අතර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ ලෙස පසුගියදා පත්වීම් ලැබු ටී. සම්පත් මහතා තනතුරේ වැඩ බාරගැනීමද සිදුවිය.

පළාත් සභාවේ සියලුම අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු හා ආයතන තුළදි නිළධාරීන්ට හා පැමිණෙන මහ ජනතාව සදහා තේ පැන් සංග්‍රහයන් සංවිධානය කර තිබුන අයුරු ද දක්නට ලැබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *