ඌව පළාත් සභා රාජ්ය නිළධාරින්ගේ කලා කුසලතා ඇගයිම,සේවක අභිප්රේරණය හා සේවා ඵලදායිතාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පළාත් සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ මෙහෙයවීමෙන් පවත්වන ලද Art Talent-2026 කලා ප්රසංගය හා ත්යාග ප්රධානෝත්සවය බදුල්ල පුරහලේදි 26 දින පැවැත්විය.
ඌව පලාතේ ප්රධාන ලේකම් අනුෂා ගෝකුළ ප්රනාන්දු මහත්මියගේ සංකල්පයක් මත රාජ්ය නිලධාරින් සදහා පවත්වනු ලැබු Art Talent තරගාවලියේදි තෝරාගත් තරග ඉසව් 20 ක් යටතේ පැවති තරග අතරින් දක්ෂතා දැක්වා ජයග්රහණය කරන ලද රාජ්ය නිලධාරින් ඇගයිම හා තෑගි ප්රධානය මෙහිදි සිදුවිය.
මෙම තරගාවලියට කෙටිකතා, රචනා, සංකල්ප පත්ර, පද්ය රචනා, ඒකළ නර්තන, ඒකළ වාදන, ජනගී ගායනා, සරළ ගී ගායනා, ජායාරුප, චිත්ර,අභිරුපණ,නිවේදන,සාමාන්ය දැනීම, අත්කම් නිර්මාණ, සටන් කළාව, වීථි නාට්ය, කෙටි නාට්ය,කථික තරග, විවාද,වීඩියෝ පට නිර්මාණ යන අංශයන් අතරින් තරග පවත්වා ජයග්රහකයින්ට සම්මාන හා තෑගි ප්රදානය සිදුකෙරිණ,
නිළධාරින්ගේ සේවක අභිප්රේරණය,කණ්ඩායම් හැගීම් වර්ධනය,කලා හැකියාවන් හදුනාගෙන පළාතේ විවිධ වැඩ සටහන් සදහා නිළධාරින්ගේ දායකත්වය ලබැගැනීම,සේවක අබිප්රේරණය ගොබනැගීම තුල
සේවක ඵලදායිතාවය ඉහළ නැංවීම,ඒකාකාරි බව හා ආතතිය අවමකිරිම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණවෙති.
ජයග්රාහකයින් සියලුම දෙනාට සහතික,සමරුතිළිණ සහ මුදල් තෑගි හිමිවි වු අතර කලා ප්රසංගය හා සහතික ප්රදානයට ප්රධාන ආරාධිතයා ලෙස ඌව ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතා සහභාගි වු අතර ,ප්රධාන ලේකම් අනුෂා ගෝකුළ ප්රනාන්දු මහත්මිය සමග පළාත් සභාවේ නිළධාරිනින් විශාල පිරිසක් සහභාගිවිය.
ඌව පළාත් සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් ආර්.එච්.සී ප්රියන්ති මහත්මියගේ උපදෙස් මත නිළධාරින් උත්සවය සංවිධානය කර තිබිණ.





