2016 වර්ෂයේ ජාතික මහා ක්‍රීඩා උළෙල

2016 වර්ෂයේ ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වී ඉන් ජයග්‍රාහණයන් ලබාගනිමින් ඌව පළාතට කීර්තියක් අත්කරදුන් පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 දෙනෙකු ඇගයීමට ලක්කල ‘’ක්‍රීඩා වර්ණ ප්‍රධානය’’ වැල්ලවාය වරුණගම යුධ හමුදා කදවුරේ පිහිණුම් තටාකාංගන භූම්යේ දී පසුගියදා පැවැත්විය.

ඌවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2016 ජාතික මහා ක්‍රිඩා උළෙලට සහභාගී වී රන් පදක්කම් 12ක් රිදී පදක්කම් 15ක් හා ලෝකඩ පදක්කම් 34ක් ලබාගෙන තිබෙන බව ඌව පළාත් වැඩබලන ක්‍රීඩා අධ්‍යක්ෂක ලක්සිරි බණ්ඩාර මහතා පැවසීය.

ක්‍රීඩා තරගාවලියට සහභාගී වී විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රිඩක ක්‍රීඩිකාවන් ද ඇගයීමට ලක්කළේය.

ක්‍රීඩා වර්ණ ප්‍රධාන රාත්‍රියට සහභාගී වූ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ හතලිහක මුදල් ත්‍යාග හා කුසලාන, පදක්කම් සහ සහතිකපත් ද ප්‍රධානය කිරීම සිදුවිය.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර එම්. පී. ජයසිංහ, ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පළාත් ක්‍රීඩා අමාත්‍ය සාලිය සුමේධ යන මහත්වරුන් ඇතුළු පළාත් සභාවේ මැති ඇමතිවරුන් පිරිසක් සහභාගි වූහ.

පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අබේසිංහ හදවලපිටිය මහතාගේ උපදෙස් පරිදි වැඩබලන ක්‍රීඩා අධ්‍යක්ෂ ලක්සිරි බණ්ඩාර මහතා ඇතුළු නිලධාරින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *