TRIATHLON FESTIVAL
බදුල්ල මහ නගර සභාව හා “මර්මේඩ්” පිහිනුම් ඇකඩමිය එක්ව ප්‍රථම වරට සංවිධානය කරන ලද ට්‍රයිතලන් සිටි තුන්ප්‍රයාම ක්‍රීඩා උලෙළ අද (21) දින පෙරවරුවේ බදුල්ල නගරයේදී පැවත්විය.
මෙම තරගාවලිය පිහිනුම් (කි.මී. 01), පාපැදි ධාවනය (කි.මී. 20) සහ දිවීම (කි.මී. 05) යන අභියෝගාත්මක අංශ තුනකින් සමන්විත වූ අතර, තරඟාවලිය සදහා යුධ,ගුවන්, නාවික සහ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 ක් පමණ සහභාගි විය.
මෙම තරගාවලියේ කාන්තා හා පිරිමි ඉසව් දෙකෙහීම ප්‍රථම ස්ථානයන් දිනා ගැනීමට ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුණු කාන්තා බළකායේ ලාන්ස් කෝප්රෝල් එස්.ඒ ආර්.ඩි උදය කුමාරි සහ පාබළ හමුදාවේ සාමාන්‍ය සෙබළ ආර්.එම්.එම් හංසික යන දෙදෙනා සමත්විය.
මෙහිදි කන්තා සහ පිරිමි ඉසව් දෙකෙහිම පළමු, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගත් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා පිලිවෙලින් රුපියල් 100,000, 75,000 සහ 50,000 බැගින් මුදල් ත්යාරග සහ සහතික පත්ද 4 වන ස්ථානයේ සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30 දෙනෙකුට මුදලින් රුපියල් 10,000 බැගින් මුදල් ත්‍යාග හා සහතික පත්ද තරඟයට සහභාගිවූ අනෙකුත් සියළුම තරඟකරුවන් සඳහා වටිනා සහතික පත්‍රයක් ද පිරිනැමීම සිදුවිය.
මෙහිදි සුවිශේෂී සිද්ධියක් වුයේ මෙම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග වයස අවුරුදු 57 ක් වු හික්කඩුව තොටගමුව පදිංචි අංගම්පොඩිගේ මහේන්ද්ර් ක්‍රීඩකයා ද තරඟ වැදුණු අතර ඔහු තරගය සාර්ථකව නිමකල අතර ඔහු එහිදි විශේෂ ඇඟයීමකටද ලක්විය.
බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති නන්දන හපුගොඩ මහතා ඇතුළු නිලධාරින් විසින් සංවිධානය කළ මෙම තරගය නැරඹීම සදහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු හෙන්නායක, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගොකුළ ප්‍රනාන්දු, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම, ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයින් සහ ප්‍රෙද්ශවාසීන් විශාල පිරිසක් එක්විය.





