“ඌව Good Market” වෙළඳ ප්‍රදර්ශනය බදුල්ලේදී ආරම්භ වෙයි

“ඌව Good Market” වෙළඳ ප්‍රදර්ශනය බදුල්ලේදී ආරම්භ වෙයි.

ඌව පළාතේ දක්ෂ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සෘජුවම පාරිභෝගිකයා වෙත සමීප කරවමින් ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ඌව පළාත් නියොජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලය විසින් සංවිධානය කරන “UVA GOOD MARKET” වෙළඳ ප්‍රදර්ශනය අද (23) දින බදුල්ල සේනානායක පිටියේදී ආරම්භ විය.

ඌව පළාත් ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතාගේ සංකල්පයක් මත ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් මත “ඌවේ ව්‍යවසායකයින් සඳහා අභිමානවත් හෙටක්” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මගින් 100% දේශීය නිෂ්පාදන ජනතාව වෙත හඳුන්වාදීම, පරිසර හිතකාමී ආහාර පාන ප්‍රවර්ධනය කිරීම සහ සාධාරණ මිල ගණන් යටතේ සෘජු වෙළඳපොළ අවස්ථා සලසාදීම අරමුණු කරගෙන ඇත.

ජූනි මස 23, 24 සහ 25 යන දිනයන්හි දවස පුරා බදුල්ල සේනානායක පිටියේදී පැවැත්වෙන මෙම වෙළඳ ප්ර දර්ශනය සෑම මසකම දින තුනක් පුරා පැවැත්වීමට නියෝජ්ය් ප්‍රධාන ලේකම්ක්සම්පාදන කාර්යාලය සැලසුම් කර ඇත. මේ හරහා ඌව පළාතේ ව්‍යවසායකයින්ගේ නිර්මාණශීලීත්වය සහ දේශීය නිෂ්පාදන ශක්තිය ජනතාවට අත්විඳීමේ අවස්ථාව උදා වේ.

මෙම සමාරම්භක අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ, ඌව පළාතේ ප්‍රධාන ලේකම් අනූෂා ගොකුළ ප්‍රනාන්දු, බදුල්ල දිස්ත්ත්‍රික් ලේකම් සුනිල් ගලගම, පළාත් සභාවේ නිලධාරීන් ඇතුළු රාජ්යන නිලධාරීන් සහ ඌව පළාතේ ව්‍යවසායකයින් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *