ගිරාදුරුකොට්ටේ ඌව පළාත් ක්‍රීඩා විද්‍යායතනයේ 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහනේ ක්‍රීඩා අභ්‍යාස (ශාරීරික යෝග්‍යතා) NVQ-4 පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (29) දින පෙරවරුවේ හාලිඇළ විදේශසේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විය.
ජාතික වශයෙන් දැනුම, ආකල්ප හා කුසලතා සපිරි නිරෝගිමත් ජවසම්පන්න ක්‍රීඩා පරපුරක් ඇති කිරීමේ ඒකානයන අරමුණ ඇතිව ඌව පළාත් ක්‍රීඩා විද්‍යායතනය මගින් මෙම ක්‍රීඩා අභ්‍යාස (ශාරීරික යෝග්‍යතා) NVQ-4 පාඨමාලාව ආරම්භ කර ඇත.
මෙහිදී අ.පො.ස (උ/පෙළ) තාක්ෂණ විෂය ධාරාව යටතේ ගිරාදුරුකොට්ටේ ඌව පළාත් ක්‍රීඩා විද්‍යායතනයේදී ක්‍රිඩා පුහුණුව නිම කළ සිසු සිසුවියන් 105 දෙනෙකු සදහා සහතික පත්‍ර පිරිනැමීම සිදුවිය.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා, ඌව පළාතේ ප්‍රධාන ලේකම් අනූෂා ප්‍රනාන්දු ගෝකුළ මහත්මිය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෝලිත බී. විජේසේකර මහතා, පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.සී. ප්‍රියන්ති මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් එක්විය.
See less








