ආයුර්වේද ප්‍රදර්ශනය හා විද්වත් කතිකාවත – 2018

නව ලොවට වෙද දැනුම නමින් ආයුර්වේද ප්‍රදර්ශනයක් හා විද්වත් කතිකාවක් බණ්ඩාරවෙළ නගර සභා ශාලාවේදී 16 හා 17 දින පැවැත්විණි.

ඌව පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සමග එක්ව ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණ.

ඌවේ ග්‍රාමීය මට්ටමේ සිටින ආයුර්වේද වෛද්‍යවරුන් දහසක් පමණ දෙනාගේ සහභාගිත්වයෙන් පැවැත්වු ප්‍රදර්ශනය හා විද්වත් කතිකාව තුලින් පාරම්පරික වෙදකම නැවත පළාතෙන් ආරම්භ කර ජාත්‍යන්තර මට්ටමට ගෙනයැම මෙහි අරමුණ බව කියයි.

ප්‍රදර්ශන කුටි 35ක ආයුර්වේද වෙදකම පිළිබදව දැනුම ලබා ගත හැකි ප්‍රදර්ශන සංවිධානය කර තිබේ. ප්‍රදර්ශනය විවෘත්ත කිරීමේ අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බී රැකව, ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පළාත් සෞඛ්‍ය ඇමති අනුර විදානගමගේ මහතා ඇතුලු පළාත් සභාවේ මන්ත්‍රිවරුන් නිළධාරීන් විශාල පිරිසක් සහභාගි විය.

ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් විජේසිරි මහතාගේ උපදෙස් මත පළාත් ආයුර්වේද කොමසාරිස් පී.ඩබ්ලිව්.ඩබ්ලිව් දිසානායක මහතා ඇතුලු නිලධාරීන් ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *