ඌව පළාතට අයත්, ප්‍රාදේශීය සභාවලින් ජනතාවට ඉටු කරන සේවාවන් ඩිජිටල්කරණය කිරීම සහ අන්තර්ජාල ගෙවීම් හඳුන්වා දීමේ අරමුණින් ස්ථාපිත කොට ඇති නව මෘදුකාංගය එලි දැක්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ්.ජේ,ඒම් මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුවේදී සිදු කෙරිණි.
මෙම අන්තර්ජාල ගෙවීම් පහසුකම තුළින් වරිපනම් බදු ගෙවීම් ඇතුළු ප්‍රාදේශීය සභා හරහා සපයන සේවා සඳහා ගෙවීම් කටයුතු පොදු ජනතාවට තමන් ඉන්න තැන ඉඳන් සිදුකිරීමට අවස්ථාවක් උදාවන අතර, සේවා ලාභීන් තමන් සාදාගන්න එකම අන්තර්ජාල පිවිසුම් ගිණුම් ඔස්සේ ප්‍රාදේශීය සභා විසින් සපයන සියලු සේවාවන් මෙමගින් ලබාගත හැක.
වයඹ සංවර්ධන අධිකාරියේ සහයෝගයෙන් සකස් කරන ලද මෙම මෘදුකාංගය මගින් ඉදිරියේදී online booking, citizen chart ඇතුළු සේවාවන් රැසක් ලබාදීමට නියමිතය.
යුරෝපානු සංගමයේ (EU) මුදල් අනුග්‍රහය ඇතිව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ආයතනයේ පළාත් පාලන ආයතන වල ධාරිතා සංවර්ධනය කිරීමේ (CDLG) ව්‍යාපෘතිය මගින් මෙම නව මෘදුකාංගය ඌව පළාතට ලබා දී ඇත.









