අය වැයෙන් රැකියා 30000ක් දෙන බව රාජ්‍ය පරිපාලන ඇමති කියයි

මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා. ඔබේ රාජකාරියටඅපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන් ගන්නා තීන්දු තීරණවලදි අපි ඔබව ආරක්ෂා කරනවා අනීතික ලෙස ජනතාවගෙන් දඩ ගන්නා නිළධාරීන් ඉන්න බවටත් ජනතාවගෙන් තොරතුරු ලැබෙනවා. යම් කෙනෙක් ජනතා සේවය විධිමත්ව කරන්නේ නැතිනම් එයාට එරෙහිව කටයුතු කරනවා යැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා පැවසීය.

ඌව පළාත් සභාවේ ශ්‍රවණාගාරයේදි 11 දින පැවති 2025 වර්ෂයේදි ඌවේ සිදු කීරීමට අපේක්ෂා කරන සංවර්ධන වැඩ සටහන් පිළිබදව ඌවේ පළාත් පාලන ආයතන වල නිළධාරීන් දැනුවත් කිරීමේ රැස්වීමේදි ඇමතිවරයා එසේ පැවසීය.

එහිදි අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේද පැවසීය, අපි රජයක් වශයෙන් මේ රට ගොඩගන්න මුලිකව වැඩ සටහන් තුනකට දැනට අවතීර්ණය වෙලා තියෙනවා, ග්‍රාමිය දුප්පත්කම තුරන් කිරීමට වැඩ සටහන් කරනවා, රාජ්‍ය සේවාව ඩිජිටල් කරනය කරන්නත් කටයුතු කරනවා, ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනත් කරගෙන යනවා. මේ තුනම වැදගත් බව කිව යුතුයි.

1818 කැරැල්ලෙන් පස්සේ ඌව පළාත දැවැන්ත ලෙස විනාශයට පත්වුනා. එහි ප්‍රතිඵළ අදටත් ඌවේ ජනතාව භුත්ති විදිනවා. වෙල්ලක්ෂයක් තිබුන පළාතේ ජනතාවගෙන් සියයට 36ක් අදටත් අස්වැසුමලාභින් වෙලා කවුද මේ අයට වග කියන්නේ වසර 77ක් තුළ ඇයි අපිට බැරිවුනේ සහනාධාර මත යැපෙන ජනතාව නැතිකරන්න. අපි ග්‍රාමිය දරිද්‍රතාවය තුරන් කරන්න කටයුතු කරගෙන යනවා. ඒ යටතේ පාරවල්,වාරි කර්මාන්තය,සත්ව නිෂ්පාදනය දියුණු කළ යුතුයි. ඒ සදහා දැනුම තාක්ෂණය දිය යුතුයි. ඌව පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කරනවා. ඒ යටතේ ඕනතරමි රැකියා අවස්ථා තියෙනවා. රජයක් විධිහට අපි සංචාරක කර්මාන්තය ප්‍රමුඛකොට සළකනවා.

ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා මෙසේ පැවසීය,

වතු ජනතාව ලංකාවට ඇවිත් උඩරට පදිංචි වෙලා වසර 200යි. ඒ අයට ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට තිබිය යුතු පහසුකම් තාම නෑ සියයට 36ක් පළාතේ සමෘද්ධිය අස්වැසුම ගන්නවා. මේ තත්වයෙන් පළාත මුදවා ගන්න ආයෝජනයක් ඕනි. මහා පරිමාණ ව්‍යපෘති ඕනි. උමා ඔය නිසා විනාශයන් වුනා වගේම ජනතාවට ප්‍රතිලාභත් ලැබුනා. පළාතේ ගුරුවරුන් 3300ක් හිගයි. අවම තරමින් 2000වත් අවශ්‍යයි. උපාධිධාරින් 4500ක් දැනට ඉන්නවා. 2019න් පසු රැකිවයා දීලා නෑ. ඒ අය වයසට යනවා ඒ අය අපි කෙරෙහි තිබෙන විශ්වාසය නිසා උද්ඝෝෂණ කරන්නේ නෑ. ගුරු හිගය වගේම අධ්‍යාපන පරිපාලන නිළධාරින් 117ක්, කෘෂිකර්ම ක්ෂත්‍ර නිළධාරින් 15ක් ඕනි තැන ඉන්නේ අටයි, පශුවෛද්‍ය නිළධාරින් 47ක්, වෛද්‍යවරුන් 198ක්, මේ වගේ සෑම අංශයකම අඩුපාඩු තිබෙනවා යැයි ආණ්ඩුකාරවරයා පැවසීය.

මෙම අවස්ථාවට වැවැලි කර්මාන්ත ඇමති සමන්ත විද්‍යාරත්න, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමති ප්‍රභා රුවන් සෙනරත්, සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බංඩාර, ඌව ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා ඇතුළු පළාත් සභා නිළධාරින් පිරිසක් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *