බුදුරුවාගල වැව ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන වැඩ සටහන් රැසක් ඇරඹේ
ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශය යුරෝපා සංගමයේ ආධාර ඇතිව සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා බුදුරුවාගල ගම්මානය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
බුදුරුවාගල ගම්මානයේ ගොවි, ධීවර හා ප්‍රජාමුල සංවිධාන එක්ව ක්‍රියාත්මක කරන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වැඩ සටහනට සත්කාරක සේවාවන් ලෙස පළාත් සංචාරක අමාත්‍යාංශය බුදුරුවාගල වැවේ සිරි නැරඹඹීමට ආසන 40ක සුර්ය්‍ය බලයෙන් ක්‍රියාත්මක වන දිවා රාත්‍රි බෝට්ටු සේවයක් ලබාදීම, ධීවරයින්ට ඔරු ලබාදීම ,මත්ස්‍ය චිකිත්සක ඒ්කකයක් ආරම්භ කිරීම මෙම වැඩ සටහන යටතේ ගම්මානයට පළාත් සභාව ලබාදී තිබේ.
ප්‍රදේශයට පැමිණෙන දේශිය විදේශිය සංචාරකයින්ට දිවා රාත්‍රි කාලයේ බෝට්ටු සවාරි යාමට හා එහි සාද පැවැත්වීමට අවශ්‍ය සියලුම පහසුකම් සුර්ය්‍ය බල බෝට්ටුවේ තිබේ.
පළාත් සංචාරක අමාත්‍යාංශය යුරෝපා සංගමයේ ආධාර ඇතිව ක්‍රියාත්මක වන ඩිරෙඩ් ව්‍යපෘතිය යටතේ සොලිඩරි ඩැඩ් ආයතනය මෙම වැඩ සටහන සදහා රුපියල් මිලියන හතක මුදලක් වැය කර තිබේ.
මෙම සංචාරක ප්‍රවර්ධනය වැඩ සටහන ආරම්භ කිරීමට පළාත් සංචාරක අමාත්‍යාංශයේ ලේකම් උපාලි ජයසේකර මහතාගේ ආරාධනයට ඌව පළාත් ආණ්ඩුකාරවර නිතීඥ කපිල ජයසේක මහතා සහ අධ්‍යාපන ලේකම් නිහාල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.










