ආණ්ඩුකාරවරයා බොරලන්ද සත්ව ගොවිපලේ නිරීක්ෂණ චාරිකාවක

ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් බොරලන්ද රජයේ සත්ව ගොවිපලේ වත්මන් තත්වය හා එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව සොයාබැලීම සදහා ඌව පළාත් ආණ්ඩුකාරවර ජේ .එම්. කපිල ජයසේකර මහතා හා ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය ඇතුළු නිලධාරින් 2024.11.07 දින ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

ඊට අමතරව ගොවිපලේ පෙයාස් හා නාරං පැල සිටුවීම හා කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මගින් ඉදිකරමින් පවතින අර්තාපල් බීජ ගබඩා පරිශ්‍රය ද නිරීක්ෂණය කර නිලධාරි හා ගොවි මහතුන් සමග ගොවිපල පිළිබදව සාකච්ඡාවක නිරත විය.

මෙම අවස්ථාවට ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.යූ.කේ. ජයසේකර මහතා, කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එස්.ඩබ්‍.එල්. වතුකාර මහතා ඇතුළු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු නිලධාරින් පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *