“ඌව කලා හරසර – 2024 “ සම්මාන ප්‍රධානෝත්සවය

ඌව පළාත් සංස්කෘතික අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන ඌව පළාතේ විශිෂ්ඨතම කලාකරුවන් ඇගයීමේ ”ඌව කලා හරසර -2024 ”  සම්මාන ප්‍රධානය පසුගිය  දින බදුල්ල සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.

ඌව පළාතේ ගායනය, චිත්‍ර, මූර්ති, කැටයම්, බෙරවාදනය, වියමන් (ලී කැටයම්/ රටා පැදුරු), පාරම්පරික සටන් ශිල්ප, වේදිකා නාට්‍ය, ලේඛන කලාව, සාහිත්‍ය, සංගීතය, නර්තනය  ආදී විවිධ කලා ක්ෂේත්‍රයන් ඔස්සේ දක්ෂතා දැක්වූ කලාකරුවන් 50 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්කර සම්මාන, සහතික හා ත්‍යාග ප්‍රධානය කිරීම සිදුවිය.

පළාත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතාගේ උපෙදස් පරිදි අමාත්‍යාංශයේ නිළධාරීන් සංවිධානය කළ මෙම ඇගයීමේ උත්සවයට  ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූ අතර එම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *