“උරුමයක අරුමය” කලා ප්‍රසංගය
ඌවේ කලායතන දිරිගැන්වීමේ අරමුණ ඇතිව “උරුමයක අරුමය” කලා ප්‍රසංගය බදුල්ල පුරහලේ දී පැවැත්විණි.
මෙහිදී පළාතේ කලායතන 9ක ළමුන් විසින් විචිත්‍ර නර්ථනාංග රැසක් ඉදිරිපත් කරන ලදී.
ඌව පළාත් සභාවේ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් සංවිධානය කළ මෙම ප්‍රසංගයට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ජේ.එම්. කපිල ජයසේකර මහතා, ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, කෘෂිකර්ම අමාත්‍යාංයේ ලේකම් උපාලි ජයසේකර මහතා, සභා ලේකම් සුනිල් අබේකෝන් මහතා, බදුල්ල අතිරේක ලේකම් නිමේෂා ප්‍රියංගි මහත්මිය, ක්‍රීඩා අධ්‍යක්ෂ ඩී.එම්.එස්.කේ.බී.දිසානායක මහතා හා නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මෙම ප්‍රසංගය අවස්ථාවට සහභාගි විය.










