ඌව පළාතේ ඩෙංගු වසන්ගත රෝගය පාලනය කිරිම
ඌව පළාතේ ඩෙංගු වසන්ගත රෝගය පාලනය කිරිම සදහා විශේෂ වැඩ සටහන් රැසක් පළාත් ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතාගේ උපදෙස් මත ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ.
බදුල්ල නගරසභා සීමාව තුළින් මේ වෙද්දී රෝගින් 310කට වඩා හමුවීමත් සමග 14 දින දවස පුරා නගරයේ සහ නගරය අවට සියලුම ගම්මාන වල නිවාස,රජයේ ආයතන,
පාසැල් සහ ආගමික ස්ථානපරිශ්‍ර සෝදිසි කිරිමේ වැඩ සටහනක් නිළධාරින් 700කගේ සහභාගිත්වයෙන් සිදුවිය,
ඌව පළාත තුළ පසුගිය මාස හයක කාලය තුළදි ඩෙංගු රෝගින් 1600 දෙනෙකු පමණ හමුවි තිබෙන අතර වැඩිම රෝගින් බදුල්ල නගරය අවටින් හමුවි තිබේ,
ඩෙංගු කීටයින් හමුවු පරිශ්‍ර හිමිකරුවන්ට නඩු දැමිමටත්,රතු,කොළ සහ කහ දැන්වීම් අළවා අවදානම් බව දැන්වීමටත් සෞඛ්‍ය නිළධාරින් කටයුතු කර තිබේ,
මෙම මෙහෙයුම පොලිසිය,යුධ හමුදාව,මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්,පළාත් සභාවේ නිළධාරින් එක්ව සිදුකරන ලදි,
ඌව පළාත් අධ්‍යාපන ලේකම් නිහාල් ගුණරත්න මහතා, සෞඛ්‍ය ලේකම් ජීවන්ත හේරත් මහතා මහතා ඇතුලු නිළධාරින්ද ඩෙංගු මෙහෙයුමට එක්විය





