ඌව පළාතේ ඩෙංගු වසන්ගත රෝගය පාලනය කිරිම
ඌව පළාතේ ඩෙංගු වසන්ගත රෝගය පාලනය කිරිම සදහා විශේෂ රැස්වීමක් පළාත් ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභාවේදි අද 07 දින පැවැත්විය.
ඌව පළාත තුළ පසුගිය මාස හයක කාලය තුළදි ඩෙංගු රෝගින් 1578 දෙනෙකු හමුවි තිබෙන අතර කිසිදු රෝගියකු මියගොස් නොමැති බවත් දිනකට රෝගින් 40-50 පමණ ඩෙංගු රෝගයට ගොදුරුවන බවද සෞඛ්‍ය අංශ මෙහිදි අනාවරණය කළහ.
මෙහිදි සීඝයෙන් ව්‍යාප්තව පවතින ඩෙංගු රෝගය පාලනය කිරිම සදහා තීන්දු තීරණ රැසක් ගැනීම සිදුවු අතර පළාතේ රාජ්‍ය ආයතන, පාසල්, ආගමික ස්ථාන ඇතුලු පොදු ස්ථාන පවිත්‍ර කිරිම, ජනතාව දැනුවත් කිරිම, රෝහල් සදහා අවශ්‍ය පහසුකම් සැපයිම, මදුරු කීටයින් රැදී සිටින ස්ථානවල හිමිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරිම, ඩෝනා කැමරා මගින් මහල් ගොඩනැගිලි පරික්ෂාව, නිවාස 25කට එක් මහජන පරික්ෂකවරයෙකු යොදා පරික්ෂා කිරිම, ඇතුලු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරිමට ආණ්ඩුකාරතුමන් නිළධාරින්ට උපදෙස් දෙන ලදි.
ඌව පළාත් සභාව සියලුම රාජ්‍ය ආයත එක්ව ලබන 14 දින බදුල්ල හා බණ්ඩාරවෙළ නගරය ආශ්‍රිත ප්ර දේශයේ සියලුම ආයතන හා ස්ථාන නිරික්ෂණය කර උපදෙස් දීම හා අපවිත්රඩ ස්ථාන අයිති හිමිකරුවන්ට නිතියානුකුළව කටයුතු කිරිම සදහා ත්රිෝවිධ හමුදාව,පොලිසිය සහ රාජ්ය ආයතන වල නිළධාරින් දහස් ගණනක පිරිසක් යෙදවීමටද ආණ්ඩුකාරතුමන් කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට බදුල්ල මහ නගරසභාවේ නගරාධිපති නන්දන හපුගොඩ ,ඌව පළාතේ ත්රි.විධ හමුදා නායකයින් පොලිසියේ ඉහළ නිලධාරින් පළාත් සභාවේ ප්රඩධාන ලේකම් අනුෂා ගෝකුළ ප්රදනාන්දු මහත්මිය ඇතුලු පළාතේ රාජ්යභ ආයතන ප්රාධානින් වෛද්යිවරුන් හා සෞඛ්යව අංශවල නිළධාරින් සහභාගිවිය.





