බදුල්ල මහ නගර සභාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ඒකකය විවෘත කිරීම
මධ්‍යම පරිසර අධිකාරියේ පිළිසරු ව්‍යාපෘතිය හා එක්ව බදුල්ල මහ නගර සභාව ක්‍රියාත්මක කරන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බී.රැකව හා ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරු විසින් 2018.08.29 විවෘත කළහ.
මෙම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සදහා ලක්ෂ 85ක මුදලක් වැයවී ඇත.
මෙම අවස්ථාවට බදුල්ල මහා නගරසභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි, හිටුප නගරාධිපති උපාලි නිශ්ශංක ගුණසේකර, නියෝජ්‍ය නගරාධිපති අසිත නලින්ද රංගේ යන මහත්වරු හා නාගරික මන්ත්‍රිවරුද ඌව පළාත් පාලන කොමසාරිස් ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි විය.