ඌව පළාත් සභාවට මිලියන 22ක් වටිනා බැකෝ ලෝඩරයක්

“දිට්වා” සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන “Rebuilding Sir Lanka” වැඩ සටහන වෙනුවෙන් Doosan Bobcat India Pvt Ltd වෙතින් රුපියල් මිලියන 22ක් වටිනා B760 වර්ගයේ බැකෝ ලෝඩර් යන්ත්‍රයක් ඌව පළාත් සභාවට පරිත්‍යාග කිරිම බදුල්ල පුරහලේදි ඊයේ (17) දින සිදුවිය.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බංඩාර මහතාගේ ඉල්ලීම හා කැපවීම මත ලබාගත් මෙම යන්ත්‍රය ඌව පළාත් පාලන දෙපාර්තමේන්තුවට බාරදීමට කටයුතු කළ අතර මෙම අවස්ථාවට ඌව ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතා, ප්‍රජා වතු යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.

මෙම අවස්ථාවට පැමිණ සිටි “C-Com” ආයතනය නියෝජනය කරන ප්‍රධාන මෙහෙයුම් නිළධාරි ජයන්ත පුෂ්පකුමාර මහතා විසින් බැකෝ ලෝඩර් යන්ත්‍රයක් ඌව පලාත් පාලන කොමසාරිස් ඩී. එම්. කේ. එස්. බී. දිසානායක මහතාට භාරදිම සිදු කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *