“Nudge” ඒකකය නිල වශයෙන් ඇරඹේ
ඌව පළාතේ රාජ්‍ය ප්‍රතිපත්ති වඩාත් සාර්ථක කරගැනීම සඳහා මහජනතාවගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ එදිනෙදා හැසිරීම් රටාවන් සාධනීය ලෙස වෙනස් කිරීමේ අරමුණින් ස්ථාපිත කෙරුණු ‘Nudge’ (නජ්) ඒකකය අද 18 දින පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ කරන ලදි.
ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්වූ අතර ඌව පළාත් ප්ර ධාන ලේකම් අනුෂා ගෝකුල ප්රයනාන්දු මහත්මිය, පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පළාතේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
සුවිශේෂී කාර්යභාරය සහ අරමුණු :
• චර්යාත්මක විද්යාහව (Behavioural Science) භාවිතය, සාම්ප්ර දායික නීතිරීති, දඬුවම් හෝ නියෝග මත පදනම් වූ පාලන ක්රණමවේදවලින් බැහැරව, ලොව දියුණු රටවල් බහුලව භාවිත කරන “චර්යාත්මක විද්යාවන් ” වැනි නවීන විද්යා ත්මක ක්රකමවේදයන් ඔස්සේ ජනතාවට වඩාත් සමීප සහ ඵලදායී රාජ්යක සේවාවක් නිර්මාණය කිරීම මෙහි මූලික පියවරකි.
• අවම පිරිවැය සහ ඉහළ කාර්යක්ෂමතාව මූල්යරමය වශයෙන් විශාල පිරිවැයක් දැරීමෙන් තොරව, නිවැරදි සන්නිවේදනය සහ මහජනතාව ගැවසෙන පරිසරය සාධනීය ලෙස සැලසුම් කිරීම (Choice Architecture) මඟින් රජයේ පිරිවැය විශාල වශයෙන් අඩු කරගැනීමට මින් අවස්ථාව සැලසේ. කාලීන නව්ය්කරණ වැඩසටහන් ක්රිායාත්මක කිරීම සහ පොදු සේවා සැපයීම වඩාත් කාර්යක්ෂම කිරීමට මෙම ඒකකය සෘජුවම මඟපෙන්වනු ඇත.
• දත්ත මත පදනම් වූ තීරණ ගැනීම (Data-driven Decisions) රාජ්යම ආයතන, නිලධාරීන් සහ විවිධ සංවර්ධන හවුල්කරුවන් වෙත තීන්දු තීරණ ගැනීමේදී හුදු උපකල්පන මත නොව, නිවැරදි දත්ත මත පදනම්ව තීරණ ගැනීමට අවශ්යන තාක්ෂණික හා උපදේශනාත්මක සහාය මෙම ඒකකය මඟින් සැපයීමට නියමිතය.
ඌව පළාතේ සමස්ත සංවර්ධන ඉලක්ක වඩාත් කාර්යක්ෂමව සහ සාර්ථකව ළඟා කරගැනීම මෙම ඒකකයේ ප්රසධානතම අපේක්ෂාව වන අතර, ඒ සඳහා අවශ්යක තාක්ෂණික දායකත්වයThe Asia Foundation ආයතනය විසින් ලබාදෙනු ලබන අතර මෙහි වැඩසටහන් සම්බන්ධිකාරක ලෙස ඩී.එම්. චන්ද්රtසිරි දිසානායක මහතා කටයුතු කරනු ලබයි.
See less






