නව ලේකම්වරු පත්කෙරේ

ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපනය, පළාත් පාලන, ඉඩම්, විදුලිබල හා බලශක්ති, ඉදිකිරීම් හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයාවරයා ලෙස නිහාල් ගුණරත්න මහතා පත්වූ අතර පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජේ.එම්.යූ.කේ.ජයසේකර මහතා පත්විය. පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුබසාධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්.ජීවන්ත හේරත් මහතා පත්වූ අතර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව ලේකම්වරයා ලෙස ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා හා පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ලෙස දයානන්ද රත්නායක මහතා පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *