ඌව පළාත් සභාවේ 75 වන ජාතික නිදහස් සැමරුම

75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ඌව පළාතේ ප්‍රධාන සැමරුම් උත්සවය ඌව පළාත් සභා සංකීර්ණයේ දී 04 දින උදේ පැවැත්විය.

ඌව පළාත් සභාව හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව පළාත් සැමරුම් උත්සවය සංවිධානය කර තිබිණි.

පළාත් ප්‍රධාන ලේකම් පී.බී. විජේරත්න මහතා සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් විය.

ඒ සදහා පළාත් සභාවේ හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිළධාරීන් ද සහභාගි විය.

පළාත් සභා සංකීර්ණයේ දී ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව එම භුමියේ රුක් රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලදී.

පළාත් සභා ශ්‍රවණාගාරයේදි උත්සව සභාවක් පවත්වා පළාත් ප්‍රධාන ලේකම් පී.බී විජේරත්න මහතා විසින් ප්‍රධාන දේශනයක් පවත් වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *