ඌවේ රාජ්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණි වල පවතින පුරප්පාඩු සදහා  බහුකාර්ය සංවර්ධන සහයකයින් 325 දෙනෙක් බදවාගැනේ

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණි වල පවතින පුරප්පාඩු සදහා  බහුකාර්ය සංවර්ධන සහයකයින්  වෙනුවෙන් ස්ථීර පත්වීම් ප්‍රධානය බදුල්ල පුස්තකාල ශ්‍රවණාගායේදි අද (12) දින සිදුවිය.

පසුගිය රජය යටතේ අඩු ආදායම්ලාභී පවුල් වල සමාජිකයන් බහුකාර්ය සංවර්ධන නිලධාරින් ලෙස බදවාගෙන තිබුනත් ඔවුන් ස්ථිර කර නොතිබුණු අතර නව රජය යටතේ ඔවුන් ස්ථිර පත්වීම ලබාදීම සිදු විය.

මෙහිදී ඌව පළාත් සභාවේ අමාත්‍යාංශ හා ආයතන සදහා පත්වීම් 325ක් ප්‍රධානය කිරීම සිදුවිය.

පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ උපදෙස් මත සංවිධානය වු පත්වීම් ප්‍රධාන උත්සවයේ ආරාධිතයින් ලෙස අධ්‍යාපන රාජ්‍ය ඇමති විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාරසිරි රත්නායක මහතා ඇතුලු පළාත් සභාවේ නිළධාරීන් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *