ආණ්ඩුකාරවරයා දඹාන ආදිවාදී නායකයා හමුවේ

ඌව පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ජේ.ඒම් කපිල ගුණසේකර මහතා දඹාන ගම්මානයේ සංචාරයක නිරතවී ආදිවාසි නායක වනස්පති වන්නිල ඇත්තන් හමුවී ගම්මානයේ අඩුපාඩුකම් සොයා බැලීය.

වන්නිල ඇත්තන් වැදි ජනතාගේ ගොවිතැන් කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට ගම්මානයේ ති‌බේන සිදි ගිය වැව ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා‌ සිටි අතර ඒ් පිළිබද සොයා බැලීමට කටයුතු කරන බවද ආණ්ඩුකාරවරයා පැවසීය.

වන්නිල ඇත්තන් ආණ්ඩුකාරවරයාගේ ඉදිරි කටයුතු සදහාද ආශිර්වාද කර සුබ පැතුම් එක්කරමින් දඹාන ගම්මානයේ අඩුපාඩුකම් ලබාදීමට කටයුතු කර දෙන ‌ලෙසද ඉල්ලා සිටියහ.

See translation

Leave a Reply

Your email address will not be published. Required fields are marked *