2024 ලෝක ළමා දින වැඩසටහන

ලෝක ළමා දිනයට සමගාමිව බදුල්ල මහ නගර සභාව සංවිධානය කළ ළමා දින සැමරුම් උත්සවයක් බදුල්ල සේනානායක පිටියේදි 2024.10.01 දින පැවැත්විය.
මෙම අවස්ථාවට බදුල්ල මහ නගර සභාව අවට තිබෙන පෙර පාසල් දරුවන් සහ පාසල් දරුවන් සහභාගි වු අතර දරුවන්ගේ හා ගුරුවරන්ගේ ගීත,ගායනා ඇතුළු වැඩ සටහන් රැසක් පැවැත්විය. ළමා දින වැඩ සටහනට සහභාාගි වු දරුවන්ට පළතුරු පැළ බෙදාදීමටද බදුල්ල මහ නගර සභාව කටයුතු කළාය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ඌව පළාතේ ආණ්ඩුකාරවර ජේ.ඒම්. කපිල ජයසේකර මහතා , ඌව ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය,අධ්‍යාපන ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) මංගල විජේනායක මහතා, පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක මහතා ඇතුළු නිළධාරීන් සහභාගි වු අතර නාගරික කොමසාරිස් ජගත් ප්‍රියශාන් මහතා ඇතුළු නිලධාරීන් විසින් උත්සවය සංවිධානය කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *