බණ්ඩාරවෙල රාසික් ෆරීඩ් මහා විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීම
බණ්ඩාරවෙල රාසික් ෆරීඩ් මහා විද්‍යාලයේ අලුතින් ඉදිකල පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීම ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මැතිතුමන් ප්‍රධානත්වයෙන් 2022.02.28 වන දින සිදුවිය.
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 17.5ක මුදලක් වැයකර මෙම ගොඩනැගිල්ල ඉදි කර දී ඇත.
මෙම අවස්ථාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාමර සම්පත් දසනායක, අරවින්ද කුමාර්, බණ්ඩාරවෙල මහා නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් එක්ව සිටියහ.