2021 උසස් පෙළ විභාගයේ කළා අංශයේ ප්‍රථම ස්ථානය කැන්දගොල්ලට
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් කළා අංශයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් බදුල්ල කැන්දගොල්ල ද්විතීයික පාසලේ එච්.එම් ඉෂාර ලක්මාල් හීංකෙන්ද සිසුවාගේ නිවසට ගොස් සුභපැතීමටත් අවශ්‍යතා සොයා බලා එය ලබාදීමටත් ඌව පළාතේ අධ්‍යාපන බළධාරීන් 29 දින සවස එම නිවසට ගොස් කටයුතු කළාය.
බදුල්ල කැන්දගොල්ල ද්විතීයික පාසලේ ඉගෙනුම ලැබු එච්.එම් ඉෂාර ලක්මාල් හීංකෙන්ද සිසුවා 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් කළා අංශයේ දිවයිනේ ප්‍රථමයා බවට පත්විය. ඔහු ඉතිහාසය,කෘෂිකර්මය හා කෘෂිතාක්ෂණය විෂය හදාරා තිබේ. එච්.එම් ඉෂාර ලක්මාල් හීංකෙන්ද සිසුවා කැන්දගොල්ල ප්‍රදේශයේ අති දුෂ්කර ගම්මානයක් වන යොදුන්උල්පත ගම්මානයේ පදිංචිව සිටින අතර ඔහුට වැඩිමහල් සහ බාල සහෝදරයින් දෙදෙනෙකු සිටිති.
මෙම සිසුවාගේ මව හා පියා ගොවිතැනින් ජීවත්වන අතර ඉෂාර ලක්මාල් සිසුවා 6 වසරේ සිට ගෙවත්තේ ගොවිතැන් කටයුතු කරගනිමින් එය අළෙවිකර ලබා ගන්නා මුදලින් අධ්‍යාපනයට අවශ්‍ය දව්‍යා ලබා ගැනීමට කටයුතු කරමින් දුෂ්කර ජීවිතයක් ගත කළ බව ඔහුගේ පියා වන එච්.එම් ගුණරත්න මහතා පැවසීය.
සිසුවාට සුභ පැතිමට සහ අවශ්‍යතා සපුරාදීමට ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍ය අඹන්වල මහත්මිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම් රත්නායක, බදුල්ල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ,විදුහල්පති එස්.කේ රත්නායක මහතා නිවසට ගියාය.
එච්.එම් ඉෂාර ලක්මාල් හීංකෙන්ද සිසුවා මෙසේද පැවසීය,
මම දුප්පත් පවුලක කොල්ලෙක් අම්මා තාත්තා ගොවිතැන් කරලයි අපිව ජීවත් කළේ මට අයියා කෙනෙක් හා පොඩි මල්ලියෙක් ඉන්නවා.මමත් පොඩි කාලේ ඉදලාම ගොවිතැන් කළා, විභාගවලින් උසස් පෙතිපළයක් ලබන්න තිබිය යුත්තේ උත්සහය විතරයි.මම පොඩිකාලේ ඉදලාම උත්සහයෙන් වැඩ කළා.පාසලේ එදා දුන්න වැඩ එදිනම කළා.විෂය බාහිර ක්‍රියාකරකම් වලටත් යොමු වුනා කැඩට්, ශිෂ්‍යනායක, සෙන් ජෝන් ගිලන් රථ ඇතුලු බාහිර ක්‍රියාකාරකම් වලටත් එක්ව කටයුතු කළා.කොවිඩ් වසංගතය කාලේ නිවසට වී පාඩම් කළා.මගේ අයියාත් කළින් විශ්ව විද්‍යාලයට තේරුණා එදා ඉදන් මමත් අයියට වැඩිය එක ලකුණක් හරි ගන්න හිතාගෙන ඉගෙනීම් වැඩ කළා.අමතර පංති වලටත් ගියා, මගේ නංගිලා මල්ලිලාටත් මම කියන්නේ පාසලේ එදා දෙන වැඩ එදා කරන්න හිත තුළ ආත්ම විශ්වාසය ඇති කරගන්න එහෙම වුනාම ඕනෑම ජයග්‍රහනයක් ලබන්න පුළුවන්,මට ඉගැන්වු ගුරුවරුන්ට විදුහල්පතිතුමන්ලාට සහ උදව් උපකාර කළ සියලුම දෙනාට ස්තුති කරනවා යැයි ඉෂාර ලක්මාල් හීංකෙන්ද සිසුවා පැවසීය,
ඉෂාර ලක්මාල් හීංකෙන්ද සිසුවාගේ පියා වන එච්.එම් ගුණරත්න මහතා මෙසේ පැවසීය.
අද මට ගොඩාක් සතුටුයි.සතුට වැඩිකමට ඊයේ රාත්‍රි ඉදලා කෑවේ නෑ. නින්ද යන්නෙත් නෑ.අපි දුප්පත් මිනිස්සු ගොවිතැන් කරලයි ජීවත් වෙන්නේ දරුවන්ට උගන්වන්න තරම්වත් මුදල් නොතිබුන අවස්ථා තිබුනා.මගේ පුතා ගොවිතැන් කරලා කීයක් හරි හොයාගෙන තමයි පෞද්ගලික පංතියකට ගියේ පුතා ගොවිතැන් කරනවා බෝංචි වගා කරලා ඉරිදා පොළේ ගිහින් විකුණලා සල්ලි හොයාගෙන පංති වලටත් ගියා.කුඹුරු වැඩ වගේම තේ වත්තේ වැඩත් කරනවා පුතා 6 වසරේදී ඉදන් ගෙදර මොනවා හරි භෝගයක් හදාගෙන ඒක විකුණලා කීයක්හරි හොයාගත්තා හරිම දක්ෂයි ඉගෙනීම තිනියම එයා කරගත්තා.පුතා හවසට බුදුන් වැදලා තමයි අධ්‍යාපනික කටයුතු කරන්නේ මගේ ලොකු පුතත් මේ පාසලෙන්ම විශ්ව විද්‍යලයට ගියා අද අපිට හරිම සතුටුයි.දරුවාට ඉගැන්වු ගුරුවරුන්ට,විදුහල්පති ඇතුලු සියලුම දෙනාට මා පිං අනුමෝදම් කරනවා යැයි පැවසීය.







