අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් බදුල්ලේ රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රධානය කිරීම
සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහන යටතේ ඌව පළාතේ 2020 වර්ෂයේ අභ්‍යාසලාභි පදනම මත බදවාගත් රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රධානය කිරීම බදුල්ල සයිමන්පීරිස් ශ්‍රවනාගාරයේදි 04 දින උදේ සිදුවිය.
ඌව පළාතේ රාජ්‍ය ආයතන සදහා අභ්‍යාසලාභි පදනම මත බදවාගත් රැකියා විරහිත උපාධිධාරීන් 2500 දෙනෙකු පමණ රැකියා ගත කිරීමට නියමිතව ඇති අතර එහි පළමු අදියර යටතේ බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන 1113 දෙනෙකුට පත්විම් ලිපි ප්‍රධානය මෙහිදි සිදුවිය.
පළාතේ ආයතන සදහා බදවාගත් උපාධිධාරීන් සියලුම දෙනා සංවර්ධන නිළධාරීන් ලෙස ආයතන සදහා ස්ථානගත කර තිබේන අතර ඉදිරියේදි පාසල් පාදක ක්‍රමය යටතේ ගුරුපත්වීම් ලබාදීමේදි මෙම පත්වීම්ලාභීන්ට අයදුම් කිරීමට අවස්ථාව තිබේ.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම් මුසම්මිල්, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක, ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී. විජයරත්න ඇතුලු ආයතන ප්‍රධානීන් සහභාගි විය.