අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් මොණරාගල රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රධානය
සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහන යටතේ ඌව පළාතේ 2020 වර්ෂයේ අභ්‍යාසලාභි පදනම මත බදවාගත් රැකියා විරහිත උපාධිධාරීන්
හා ඩිප්ලෝමාධාරීන් රැකියා ගත කිරීමේ පත්වීම් ලිපි ප්‍රධානය මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී 08 දින උදේ සිදුවිය.
ඌව පළාතේ රාජ්‍ය ආයතන සදහා අභ්‍යාසලාභි පදනම මත බදවාගත් රැකියා විරහිත උපාධිධාරීන් 2500 දෙනෙකු පමණ රැකියා ගත කිරීමට
නියමිතව ඇති අතර එහි පළමු අදියර යටතේ මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන 983 දෙනෙකුට පත්විම් ලිපි ප්‍රධානය මෙහිදි සිදුවිය.
පළාතේ ආයතන සදහා බදවාගත් උපාධිධාරීන් සියලුම දෙනා සංවර්ධන නිළධාරීන් ලෙස ආයතන සදහා ස්ථානගත කර තිබෙන අතර
ඉදිරියේදි පාසල් පාදක ක්‍රමය යටතේ ගුරුපත්වීම් ලබාදීමේදි මෙම පත්වීම්ලාභීන්ට අයදුම් කිරීමට ද අවස්ථාව හිමිවේ.
මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාරසිරි රත්නායක, ජගත් පුෂ්පකුමාර ඇතුළු පලාත් පාලන ආයතන ප්‍රධානීන් සහ
ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී විජයරත්න මහතා ඇතුලු ආයතන ප්‍රධානීන් සහභාගි විය.
.