ඌව ශිල්ප හරසර නිර්මාණ ප්‍රදර්ශනය හා සම්මාන ප්‍රධානය – 2021

ඌව පළාතේ වාර්ෂිකව පවත්වන ඌව ශිල්ප හරසර නිර්මාණ ප්‍රදර්ශනය හා නිර්මාණ කරුවන් ඇගයීමට ලක්කරන සම්මාන ප්‍රධානය කිරීම බදුල්ල නගර සභා ශාලාවේදි 09 දින උදේ පැවැත්විය.

මෙහිදි ශිල්ප අභිමානී හස්ත කර්මාන්ත කරුවන්ට හා රන් සළු ප්‍රේෂ කර්මාන්ත කරුවන් 120දෙනෙකුට මෙහිදි රුපියල් ලක්ෂ 20ක මුදල් තෑගි සමග සම්මාන ප්‍රධානය සිදුවිය.

ඌව පළාතේ විසිරි සිටින නිර්මාණ කරුවන් 2000ක් අතරින් නිර්මාණ තරග පවත්වා ජය ලැබු 120කට මුදල් තෑගි හා සමිමාන පිරිනැමීම සිදුවිය. මෙම තරගාවලිය කර්මානත්ත ක්ෂත්‍රයේ
අංශ 51ක් ඔස්සේ තරග පවත්වා ජයග්‍රහකයින් තෝරාගෙන තිබේ.

2021 වර්ෂයේ වර්ෂයේ ජාතික ශිල්ප සභාව පැවැත්වු ජනපති රජිත සම්මාන උළෙලේදි ජනපති රජිත සම්මානයක් සමග සම්මාන 50ක් ඌව පළාතේ නිර්මාණ ශිල්පීන්ට හිමිව තිබේ.

මෙම සම්මාන උළෙල ඌව පළාත් කර්මාන්ත අමාත්‍යාංශය, ඌව පලාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව, පේෂකර්ම දෙපාර්තාමේන්තුව, ජාතික ශිල්ප සභාව එක්ව සංවිධානය කර තිබේ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඌව ආණ්ඩුකාරවර එ.ජේ.එම් මුසම්මිල් මහතා සහ ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරහැපොල මහතා ඇතුලු නිළධාරීන් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *