ඌවේ පෙර පාසල් ගුරුවරුන් සදහා ඉගෙනුම් උපකරණ කට්ටල ප්‍රධානය කිරීම

ඌව පළාතේ පෙර පාසල් ගුරුවරුන් සඳහා ඉගෙනුම් උපකරණ ලබාදීම හා ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක්
11 දින ඌව පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙහිදී පළාතේ පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් මිලියන 2.5ක් පමණ වටිනා ඉගෙනුම් උපකරණ කට්ටල
152ක් ප්‍රදානය කිරීම සිදුවිය.

ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මියගේ ප්‍රධානත්යෙන් පැවති මෙම අවස්ථාවට
ඌව පළාත් නියේජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) ආනන්ද විජිතකුමාර මහතා, ඌව පළාත්
ආණ්ඩුකාර ලේකම් මංගල විජේනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගිවිය.

ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඩිි.එම්.සී. දිසානායක මහතා ඇතුළු
නිලධාරින් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *