පෙර පාසල් ළමුන්ගේ ආරක්ෂාව හා රැකවරණය සම්බන්ධයෙන් ගුරු පුහුණුවක්

ඌව පළාතේ පෙර පාසල් ළමුන්ගේ ආරක්ෂාව හා රැකවරණය සම්බන්ධයෙන් පෙරපාසල් ගුරවරුන් පුහුණු කිරීමේ
වැඩසටහනක් 2023.02.01 දින බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

ළමුන්ගේ කායික හා මානසික හිංසනයන් අවම කර ගැනීම හා ළමුන් නොසලකාහැරීම් පිළිබදව කටයුතු කිරීමේ දී
පෙර පාසල් ගුරුවරයාගේ කාර්යන් පිළිබදව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන සදහා බදුල්ල දිස්ත්‍රික්කයේ
ගුරුවරුන් 625 දෙනෙකු සහභාගි විය.

මෙහිදී කොළඹ පොලිස්පති කාර්යාලයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර විසින්
ප්‍රධාන දේශනය පවත්වන ලදී.

ඇට්ලස් ආයතනය, බදුල්ල UNDP ව්‍යාපෘතියේ මූල්‍යමය දායකත්වය යටතේ හා ඌව පළාතේ මුල් ළමාවිය සංවර්ධනය අධිකාරිය,
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් පරිවාස කොමසාරිස් කාර්යාලයේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විය.

ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඩී.එම්.සී දිසානායක මහතා ඇතුළු නිලධාරින් විසින් සංවිධානය කළ
මෙම පුහුණු වැඩසටහන සදහා පළාත් අධ්‍යාපන ලේකම් එච්.එම්. නන්දසේන මහතා, පළාත් පරිවසා කොමසාරිස්තුමා,
UNDP ආයතනයේ පළාත් කලමනාකාරතුමා හා ඇට්ලස් සමාගමේ දිස්ත්‍රික් හා පළාත් කලමනාකාරතුමා ඇතුළු පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *