2017 සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් 9ට A සාමාර්ථ ලබාගත් විශිෂ්ඨයන්ට ලැප්ටොප් පරිගණක බෙදාදීම හා එම පාසල් වල විදුහල්පතිවරුන් ඇගයිමේ උත්සවය

ඌව පළාතේ 2017 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් 9ට A සාමාර්ථ ලබාගනිමින් විශිෂ්ඨ ලෙස සමත්
සිසු සිසුවියන් අගයමින් ලැප්ටොප් පරිගණක බෙදාදීම හා එම පාසල් වල විදුහල්පතිවරුන් ඇගයිමේ උත්සවයක් බදුල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී 2018.10.15 දින පැවැත්විය.
2017 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් 9ට A සාමාර්ථ ලබාගනිමින් සිසු සිසුවියන් 373
දෙනෙකු සමත්ව තිබෙන අතර ඔවුන් සියලු දෙනාට ලැප්ටොප් පරිගණක බෙදාදීම මෙහිදි සිදුවිය.
මේ සදහා ඌව පළාත් සභාව රුපියල් මිලියන 25ක මුදලක් වැයකර තිබේ.
විශිෂ්ඨ ලෙස සිසු සිසුවියන් සමත් වු පාසල් වල විදුහල්පතිවරුන් අගයමින් ඔවුන්ට ඇගයිම් සහතිකයක්
ප්‍රධානය කිරීම මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට ඌව ආණ්ඩුකාරවර ආරිය බී රැකව මහතා හා ප්‍රධාන අමාත්‍ය
චාමර සම්පත් දසනායක මහතා ඇතුලු මන්ත්‍රිවරුන්, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්,විදුහල්පතිවරුන්
මේ අවස්ථාවට සහභාගිවිය.
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙළ මහත්මිය ඇතුලු කාර්ය්‍ය මණ්ඩලය උත්සවය
සංවිධානය කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *