බොරලන්ද රජයේ සත්ව ගොවිපල සංවර්ධනය කෙරේ

වසර ගණනාවක් තිස්සේ නිසි ප්‍රයෝජනයට නොගත් අක්කර 197කින් සමන්විත බොරලන්ද රජයේ සත්ව ගොවිපලේ කෘෂි හා සංචාරක වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පසුගිය 20 දින විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

කොරියානු රජයේ සේමාවුල් සංවර්ධන ව්‍යපෘතියක් ලෙස බීජ අර්තාපල් නිෂ්පාදන ඒකකයක් මෙම ගොවිපලේදි ආරම්භ කිරිමට මේ වන විටත් කටයුතු කර තිබේන අතර එම ව්‍යපෘතියෙන් වසරකදි අර්තාපල් මෙක්ට්‍රික් ටොන් 4.5ක් බැගින් වසර පහක කාලයත් බීජ අර්තාපල් නිෂ්පාදනය කර දිවයින පුරා ගොවි බිම් වලට බෙදාහැරීමට සැළසුම් කර තිබේ.

සංචාරක ආර්ශනීය ස්ථානයක් වන මෙම මනරම් සුන්දර භුමියේ දේශීය විදේශය සංචාරකයින්ගේ නැවතුම් පළවල් ඉදිකිරීමටත් සැළසුම් සකස් කිරිමට නියමිත අතර එයින් ඌවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමටද හැකිවනු ඇති බව ප්‍රධාන ලේකම්වරයා කියයි.

දැනට මෙහි පවත්වාගෙන යනු ලබන කිකිලි පැටවු ඇති කිරීම, බිත්තර ඒකකය, බ්‍රොයිලර් කුකුල් මස් ඒකකය, මී ගව ඒකකය, එළ ගව දියර කිරි ඒකකය, ඌරන්, එළුවන්, හාවුන් ඒ්කක සහ පළතුරු නිෂ්පාදන නවීන තාක්ෂණයත් සමග වැඩි දියුණු කර පළාතේ ජනතාවගේ පෝටීන් අවශ්‍යතාවය සපුරාදීමට ද සංවර්ධනය කිරීමට නියමිතය.

පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම ලේකම් හා වර්තමාන ක්‍රීඩා ලේකම් උපාලි ජයසේකර මහතාගේ උපදෙස් හා සංකල්ප මත ක්‍රියාත්මක වෙමින් තිබෙන හා වර්තමාන කෘෂිකර්ම ලේකම් නිමේෂා පියංගි වනසිංහ මහත්මිය යටතේ පවත්වාගෙන යන බීජ අර්තාපල් නිෂ්පාදන වැඩ සටහනට සමගාමිව සිදුවන සංවර්ධන ව්‍යපෘති නිරීක්ෂණයට ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල මහතා සමග දකුණු කොරියාවේ ග්යෝන් සන් බුක් දෝ පළාතේ චෝන්දෝ දිස්ත්‍රික්කයේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරතුමන් වන Kim Hasoo හා දුත පිරිස සහ සේමාවුල් පදනමේ නියෝජිතයින් පිරිස සමග පළාත් කෘෂිකර්ම නිළධාරින් සහභාගි විය.

අනතුරුව භුමියේ සංවර්ධන කටයුතු නිරික්ෂණය කරමින් නව සංවර්ධන කටයුතු සදහා නිළධාරින්ට උපදෙස් ලබාදීමට ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල මහතා සමග පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් වන උපාලි ජයසේකර මහතා සහ නිමේෂා ප්‍රියංගි වනසිංහ මහත්මිය සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *