ඇතිමලේ දැලිලන්ද කුඹුරු යාය යල කන්නයේ කාබනික වී වගාවට සැරසේ

වෙල්ලස්සේ ගොවීන්ගේ යල කන්යේ වී වගා කිරීමට වෙල්යායවල් අස්වැද්දීමේ වප් මංගල්‍ය උත්සවය ඇතිමලේ දැලිලන්දයාය වෙල්යායේදි ගොවි සංවිධාන වල හා ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සංවිධානයෙන් 02 දින සිදුවිය.

ඇතිමලේ ශ්‍රී මංගලාරාමයේ පුරාණ විහාරයේ විහාරාධිපති වාසිපන ඥණසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පිරිත් සජ්ජායනා හා මගුල් බෙර මධ්‍යයේ දැලිලන්දයාය වෙල්යායේදි නවීනපන්නයේ කුඹුරු අස්වදිදන ට්‍රැක්ටර් රථයකින් කුඹුරක් අස්වැදීමට කටයුතු කළාය,

“වස විසෙන් තොර රටක්”යන තේමාව යටතේ වෙල්ලස්සේ යල කන්නයේ කාබනික පොහොර මුලික කරගනිමින් වී වගා කිරීමට කුඹුරු අස්වැද්දීම මෙහිදි සිදුවිය,

වප් මංගල්‍ය උත්සවය පැවති ඇතිමලේ දැලිලන්දයාය වෙල්යායේ අක්කර තිස් පහක කුඹුරක කාබනික පොහොර භාවිතා කරමින් ඌවට ආවේනික දේශීය වී ප්‍රභේද භාවිතා කරමින් ආදර්ශමත් වී වගාවක් පවත්වාගෙන යෑමට ප්‍රදේශයේ ගොවීන් කටයුතු කර තිබේ.

වෙල්ලස්සට අයත් වන ඇතිමලේ,සියඹළාණ්ඩුව,හම්බේගමුව,සෙවනගල,බුත්තල ඔක්කම්පිටිය, සහ බඩල්කුඹුර යන ප්‍රදේශවල කුඹුරු අක්කර දහස් ගණනක මෙවර යල කන්නයේ කාබනික පොහොර භාවිතයෙන් වී වගාකිරීමට ගොවීන් කටයුතු කර තිබෙන බව කියයි.

පසුගිය මහ කන්නයේ කාබනික පොහොර භාවිතා කර සිදු කළ වී වගාවන් වලින් වෙනදාටත් වඩා ඉහළ අස්වැන්නක් ගොවීන්ට ලැබුන බවත් එවන් අස්වැන්නක් ලබාගැනිමට මෙවර යල කන්නයේදීත් ගොවීන් වැඩි පිරිසක් කාබනික පොහොර භාවිතයට යොමුවී සිටින බව වෙල්ලස්සේ කෘෂිකර්ම ක්ෂත්‍ර නිළධාරීන් පවසති.

මෙම වප්මංගල්‍ය උත්සවය සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ගොවිජන සේවා කාර්යාලය ඇතුලු ගොවි සංවිධාන වල මුලිකත්වයෙන් සිදුවිය,

ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදන ස්ටාර් ඇග්රි (Star Agri)ආයතනයේ කළමණාකරු එම්.අයි.පී පීරිස් මහතා මෙම උත්සවයේදි ප්‍රදේශයේ පාසල් දරුවන්ට පාසල් උපකරණ හා අඩු ආදායම්ලාභින්ට වියළ ආහාර බෙදාදීම සිදු කළාය,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *