“දෙටුවර අභිමන්”ඌවේ වැඩිහිටි කලා උලෙළ
“ඌවේ වැඩිහිටි කලා උලෙළ”
ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් ඌව පළාත් සභාව සංවිධානය කළ “දෙටුවර අභිමන්” වැඩිහිටි කලා උලෙළ බදුල්ල පුරහලේදි අද (01) දින දවස පුරා පැවැත්විය.
ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේනතුව මගින් වාර්ෂිකව පවත්වන වැඩිහිටි දින උත්සවයට පළාතේ ග්‍රාම නිළධාරි වසම් වල පිහිටුවා ඇති ග්‍රාමීය වැඩිහිටි සමති 400ක් නියෝජනය කරමින් අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් විශාල පිරිසක් මෙම කළා උලෙළට සහභාගිවිය.
පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් වැඩිහිටියන් සංවිධානය කර තිබුන ගීත, සමුහ ගායනා, නර්තන, කෙටි නාට්‍ය, විවිධ ප්‍රසංග ඇතුලු අංක රාශියකින් වේදිකාව අලංකාරවත් විය.
“දෙටුවර අභිමන්” වැඩ සටහනට සහභාගිවු වැඩිහිටියන් සියලුමදෙනාට තෑගි හා උපහාර පිදීමද සිදුවිය.
ඌව පලාත් සමාජ සේවා අධ්‍යක්ෂිකා එන්.එස්. සජානි පියුම්ලා මහත්මිය ඇතුලු නිළධාරින් සංවිධානය කර තිබු මෙම උත්සවයට ඌව පළාත් ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතා, ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලු පළාත් සභාවේ නිළධාරින් සහභාගිවිය.










