” නැණසර ප්‍රතිභා – 2026 “

” නැණසර ප්‍රතිභා – 2026 ” සමුපකාර සමිති ආශ්‍රිත දරුවන් සදහා පැවැත්වූ චිත්‍ර, පද්‍ය රචනා, ගද්‍ය රචනා හා කෙටිකතා තරගාවලියේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජයග්‍රාහී දුවා දරුවන් උදෙසා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවයක් අද (09) දින බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙම උත්සවයට සමගාමීව ළමුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් සහ දරුවන් උදෙසා පුස්තකාල සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ අසිත සදරුවන් ජයසුරිය මහතා විසින් සාහිත්‍ය දේශනයක්ද පවත්වන ලදි.

මෙම අවස්ථාවට ඌව පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් සමන්ත ජයසිංහ මහතා, බදුල්ල සමුපකාර සංර්වර්ධන සහකාර කොමසාරිස් ප්‍රියන්ත දිසානායක මහතා, ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති නිශ්ශංක විජේමාන්න මහතා ඇතුළු නිලධාරින් පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *