“ඌව පළාත් සභාවේ නව කර්මාන්ත අධ්‍යක්ෂ වැඩ බාරගනී”

“ඌව පළාත් සභාවේ නව කර්මාන්ත අධ්‍යක්ෂ වැඩ බාරගනී”

ඌව පළාත් සභාවේ කර්මාන්ත අධ්‍යක්ෂ තනතුරට පළාත් ආණ්ඩුකාරතුමන් විසින් අලුතින් පත්කළ එස්.පී අතුකෝරල මහතා සිය තනතුරේ වැඩ භාරගැනීම පළාත් සභාවේ කාර්යාලයේදි 22 දින උදේ සිදුවිය.

ඌව පලාත් සභාවේ සහ මධ්‍යම රජයේ ආයතන රැසක සේවය කළ ඒ මහතා අත්දැකිම් රැසක් ඇති කීර්තිමත් රාජ්‍ය සේවකයෙකි.

අතුකෝරල මහතා මධ්‍යම රජයේ ඌව පළාත භාර කර්මාන්ත අධ්‍යක්ෂ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම් යන තනතුරු දරා අති අතර ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, අධ්‍යාපන සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම්, නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස්, පළාත් ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ, පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම් යන තනතුරු හොබවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *