ඌව පළාත් වනිතා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, කාන්තා හිංසන අවම කිරීමේ අරමුණින් යුතුව ක්‍රියාත්මක කරනු ලබන “අතිශයින්ම පිරිමින්ට පමණයි” වැඩසටහන 2026 ජුනි 30 දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
ඌව පළාත් සභාවේ සියපතක් මත වැඩ පන්දහසක් වැඩසටහන යටතේ ක්‍රියාත්මක කල මෙම වැඩසටහන සඳහා බදුල්ල නගරාශ්‍රිතව සේවයේ නියුතු පිරිමි රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සම්බන්ධ කරගන්නා ලදී.
ප්‍රවීන සාහිත්‍යවේදී දිමුතු සමුද්‍ර ලියනගේ මහතා සහ විශේෂඥ වෛද්‍ය දිනුක ජයකොඩි මහතා වැඩසටහන සඳහා සම්පත්දායකත්වය සපයන ලදී. ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජීවන්ත හේරත් මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් වැඩසටහන සංවිධානය කර තිබුණි.





