104 වන ජ්‍යාත්‍යන්තර සමුපකාර දිනය
104 වන ජ්‍යාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමීව ඌව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ හා බදුල්ල දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාලයේ මඟ පෙන්වීමෙන් බදුල්ල දිස්ත්‍රික්කය පුරා විසිර පවත්නා සමුපකාර සමිති එක්ව තෙවන වරටත් පවත්වනු ලබන පෙරහැර හා ධර්ම දේශනාමය පිංකම පසුගිය 03 වන දින සවස පවත් වන ලදී.
පෙරහැර සමුපකාර කාර්යාලයේ සිට ආගමික වතාවක් සිදු කිරීමෙන් අනතුරුව හේවිසි කණ්ඩායම් ප්‍රමුඛ අලංකාර පෙරහැරකින් පහල වීදිය ඔස්සේ බදුල්ල නගරය හරහා මුතියංගන විහාරස්ථානයට පැමිණි අතර ධර්ම දේශනාමය පිංකම ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පොලොන්මාරුවේ වාචිස්වර ස්වාමින් වහන්සේ විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට ඌව පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් සමන්ත ජයසිංහ මහතා, බදුල්ල සමුපකාර සංර්වර්ධන සහකාර කොමසාරිස් ප්‍රියන්ත දිසානායක මහතා ඇතුළු නිලධාරි හා දිස්ත්‍රික්කයේ සමුපකාර සමිති වල නියෝජිතයින් පිරිසක් එක් විය.






