සමුපකාර දින සැමරුම් උළෙල – 2025

102 ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමිව ඌවේ සමුපකාරිකයන් ඇගයිමේ උත්සවයක් බදුල්ල පුරහලේදි 13 දින පැවැත්විය.

ඌව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කළ සමුපකාරිකයන් ඇගයීමේ උත්සවයේදි පළාතේ සමුපකාර සමිති, එහි ඉන්දන පිවුම්හල් සහ බැංකු ඇතුළු ආයතන හා සේවකයින් අතර තරග පවත්වා එහි විශිෂ්ඨයින් ඇගයීම මෙහිදි සිදුවිය.

මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර, වැවලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, පාරිභෝගික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන, මන්ත්‍රි දිනිදු සමන් ඇතුළු පළාත් ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මන්පිල,අධ්‍යාපන ලේකම් නිහාල් ගුණරත්න මහතා ඇතුළු පළාත් සභාවේ නිළධාරින් පිරිසක් සහභාගි විය.

මෙම උත්සවය ඌව පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ සමිති රෙජිස්ට්‍රාර් එච්.පී.ඒ.ජී අනුරුද්ද මහතාගේ උපදෙස් මත නිළධාරින් උත්සවය සංවිධානය කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *