ඌව පළාත් ක්‍රීඩා වර්ණ ප්‍රධානය – 2024

2024 වර්ෂයේ 48වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වී ඉන් ජයග්‍රාහණයන් ලබාගනිමින් ඌව පළාතට කීර්තියක් අත්කරදුන් පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 95දෙනෙකු ඇගයීමට ලක්කල “ක්‍රීඩා වර්ණ ප්‍රධානය” බදුල්ල රිවර්සයිඩ් හෝටලයේදි 11 දින සවස පැවැත්විය.

2024 වර්ෂයේ 48 වන ජාතික මහා ක්‍රිඩා උළෙලට සහභාගී වී රන්,රිදී සහ ලෝකඩ පදක්කම්ලබාගත් ඌවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කිරීම මෙහිදි සිදුවිය.

ක්‍රීඩා වර්ණ ප්‍රධාන උත්සවයට සහභාගී වූ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය මගින්රු පියල් ලක්ෂ පනහකට අධික මුදල් ත්‍යාග හා කුසලාන,පදක්කම් සහ සහතිකපත් ද ප්‍රධානය කිරීම මෙහිදි සිදුවිය.

රන් පදක්කම් ලාභියකුට රුපියල් 100000,රිදී පදක්කම් ලාභියකුට 50000 සහ ලෝකඩ පදක්කම්ලාභියෙකුට 25000 බැගින් වු මුදල් තෑගි ප්‍රධානය කළ අතර සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සපත්තු යුවලක් ගැනීමට රුපියල් 25000ක වවුචර් පත් 95 දෙනාටම ප්‍රධානය කිරීම මෙහිදි සිදුවිය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් රථ පෙළපාලියකින් හාලිඇළ නගරයේ සිට බදුල්ල හෙරිටේජ් හෝටලයට කැදවාගෙන ගෙන එමද සිදුවිය.

පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ඩී.එම්.කේ.දිසානායක මහතාගේ උපදෙස් මත ක්‍රීඩා නිලධාරින් විසින් සංවිධානය කළ “ක්‍රීඩා වර්ණ ප්‍රධානය”සදහා ආරාධිතයින් ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර, වැවලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, පාරිභෝගික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන, සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, මන්ත්‍රි දිනිදු සමන් ඇතුළු පළාත් ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මන්පිල, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් උපාලි ජයසේකර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා ඇතුළු පළාත් සභාවේ නිළධාරින් පිරිසක් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *