පෙර පාසල් ගුරුවරුන්ට සදහා NVQ5 ඩිප්ලෝමා පාඨමාලාවක් ඌවෙන් ආරම්භ කරයි

ඌව පළාතේ පෙර පාසල් ගුරුවරුන් සදහා පළමුවරට NVQ5 පෙර පාසල් කළමනාකරණය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් පසුගියදා ආරම්භවිය.
මෙම පාඨමාලාව බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක දෙක සදහා සිංහල මාධ්‍යයේ පාඨමාලාවන් දෙකක් සහ බදුල්ල දිස්ත්‍රික්කයට දෙමළ බසින් පාඨමාලාවක්ද ආරම්භ කර තිබේ.

ඌව පළාත් සභාවේ ශ්‍රවණාගාරයේදි ආරම්භ වු ඩිප්ලෝමා පාඨමාලාවට නවක ගුරු ශිෂ්‍යයින් 250ක් පමණ දෙනා සහභාගි වු අතර මේ සදහා සහභාගි වන කථිකාචාර්යවරුන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රධානයක්ද මෙහිදි සිදුවිය.

ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ චන්ද්‍රසිරි දිසානායක මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ ඩිප්ලෝමා පාඨමාලාව සදහා සිසුන් බදවා ගැනීමේ උත්සව අවස්ථාවට පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර මහතා හා අධ්‍යාපන ලේකම් නිහාල් ගුණරත්න මහතා ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *