ඌව ලිය සාරදීපනී 2024
ඌව පළාත් ග්‍රාමසංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ “ඌව ලිය සාරදීපනී 2024” අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය හා මනාලියන් දැක්ම පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී 2024.02.14 දින පැවැත්විය.
2024 වසරේදි ග්‍රාමීය කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානවල පාඨමාලාවන් හැදැරු තරුණ තරුණියන් අතින් නිර්මාණය වු විසිතුරු භාණ්ඩ, බතික් නිර්මාණ, ගෘහ උපකරණ, ස්වභාවික සම්පත් වලින් කළ මෝස්තර නිර්මාණ, පොල්කටු ආශ්‍රිත නිර්මාණ, කාබනික ආහාර සැකසීම් ඇතුලු නිර්මාණ රැසක් ප්‍රදර්ශනයට එක්කර තිබිණි. මෙහිදී පාඨමාලාවන් හැදැරු සියලුම සිසු සිසුවියන්ට සහතික හා සම්මාන ප්‍රධානය කිරීම සිදුවිය.
ඌව පළාත් ග්‍රාමසංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා භාග්‍යා කොඩිතුවක්කු මහත්මිය ඇතුලු නිළධාරීන් විසින් සංවිධානය කළ උත්සවයට ඌව පළාත් ආණ්ඩුකාරවර කපිල ජයසේකර, සංචාරක කටයුතු නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ, පළාත් ප්‍රධාන ලේකම් මහේෂ් ගම්මන්පිල, ග්‍රාමසංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගිවිය.











