ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මනාලියන් දැක්ම

ඌව පලාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ග්‍රාමීය කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානවල රුපලාවන්‍ය පාඨමාලාව පිළිබදව හය මාසයක් ඉගෙනුම ලැබු සිසුවියන්ගේ මනාලියන් දැක්මක් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (17) දින පැවැත්විය. ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පළාතේ තරුණියන්ට ස්වයං රැකියා සදහා යොමුවීමට අවශ්‍ය දැනුම ලබාදීම සදහා නොමිලේ පාඨමාලාවන් රැසක් ග්‍රාමීය කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානවල ආරම්භ කර තිබෙව බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා විනීතා දිසානායක මහත්මිය පැවසුවාය. බදුල්ල මොණරාගල දිස්ත්‍රික්ක දෙකෙහිම එම මධ්‍යස්ථාන වල ඉගෙනුම ලැබු සිසුවියන් පනස්දෙනෙකු අතින් උඩ රට පහත රට හා වෙනත් ක්‍රමයට හැඩගැන්වු මනාලියන් දැක්මක් පැවැත්විය. මනාලියන් දැක්මේ ප්‍රථම ස්ථානය බදුල්ලේ පියුමි ඉෂංකා වීරතුංග අතින් හැඩවු නෙත්මි දිල්හාරාට හිමිවු අතර දෙවන ස්ථානය මොණරාගල ආර්.චන්දි ප්‍රියංකා අතින් හැඩවු මංසලා ඒකනායකටත් තුන්වන ස්ථානය මොණරාගල බී.එම් ඉරේෂා ප්‍රියදර්ශනී අතින් හැඩවු ඉෂාරා සෙව්වන්දිටත් හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *