ගැමිලිය විස්කම් ප්‍රදර්නය හා සහතිකපත් ප්‍රධානය කිරීම

ඌව පලාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ග්‍රාමීය
කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානවල පාඨමාලාව හැදෑරූ
සිසුවියන්ගේ නිර්මාණ ඇතුලත් ගැමිලිය විස්කම් ප්‍රදර්නය හා
ඔවුන්ට සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවයක් බදුල්ල
පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (17) දින පැවැත්විය.
ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පළාතේ
තරුණියන්ට ස්වයං රැකියා සදහා යොමුවීමට අවශ්‍ය දැනුම
ලබාදීම සදහා නොමිලේ පාඨමාලාවන් රැසක් ග්‍රාමීය
කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානවල ආරම්භ කර තිබෙව බව
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා විනීතා දිසානායක
මහත්මිය පැවසුවාය.

මේ අතර බතික්, මැහුම් ,විසිතුරු භාණ්ඩ නිර්මාණ,
බිත්ති සැරසිලි ඇතුලු නිර්මාණ රැසක් ඉදිරිපත් කර තිබිණ.
ඌව ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා
සහ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍ය
අඹන්වල මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය පැවැත්වු
අතර ඔවුන් අතින් එම තරුණියන්ට සහතික පත්
ප්‍රධානයක්ද සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *