පළාත් ආයුර්වේද කෘති එළිදැක්වීම

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන්ගේ “හස්තසාර දැනුම සංරක්ෂණ සංග්‍රහය” කෘතිය සහ “සුව උදාන ‌වාර්ෂික වෛද්‍ය සගරාව” එළිදැක්වීම ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදි සිදුවිය.

පළාතේ පාරම්පරික වෛද්‍යවරුන් අසු දෙනෙකුගේ දැනුම ලබා ගනිමින් සර්වාංග, කැඩුම් බිදුම්, දැවුම් පිළිස්සුම්, ගෙඩි වන පිළිකා, සර්ප විෂ, සහ මානසික වෛද්‍ය ප්‍රතිකාර සදහා අවශ්‍ය දැනුම ඇතුලත්ව ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙම “හස්තසාර දැනුම සංරක්ෂණ සංග්‍රහය”කෘතිය නිර්මාණය කර තිබේ.

ආයුර්වේද වෛද්‍යවරුන් විසින් බෝවන හා බෝ නොවන රෝග වලින් ඌව පළාතේ ජීවත් වන සමස්ථ ජනතාවගේ සුවසෙත උදෙසා දැනුම ලබාදීමට මෙම පාලනය සදහා “සුව උදාන ‌වාර්ෂික වෛද්‍ය සගරාව” නිර්මාණය කර තිබේ.

ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් ඩිල්මා ප්‍රේමතිලක මහත්මිය ඇතුළු වෛද්‍යවරුන් ඇතුළු කාර්ය්‍ය මණ්ඩලය විසින් සංවිධානය කළ මෙම පොත් පිළිගැන්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතා සහ ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *